hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 9:04


සරසවි ඇදුරු වර්ජනය අවසන්

සරසවිවල රාජකාරි කටයුතු ලබන 17 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙරේදා (11) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද සභාපතිවරයා සඳහන් කළා.

වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වන දා වැඩ වර්ජනය ආරම්භ කළ බව ද මහාචාර්යවරයා කියා සිටියා.

එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක බව ද මහාචාර්ය බන්නැහැක මහතා පැවසුවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනය ආරම්භ කර අද (13)ට දින 49ක් ගතවී තිබෙන බව ද සභාපතිවරයා කියා සිටියා.