2024 ජනවාරි 04, ප.ව. 9:14
වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා කාමරයක සඟවා තිබීයදී ගිනි අවියක් සහ උණ්ඩ සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, අදාළ පාසල වත්තල පොලිස් වසමේ පිහිටා තිබුණ ද මහබාගේ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව ය.
එහිදී එම කාමරය තුළ තිබී ටී – 56 ගිනි අවියක්, එහි උණ්ඩ 125ක්, මැගසින් 4ක්, මිලිමීටර් 9 උණ්ඩ 18ක්, ජංගම දුරකතන කිහිපයක් සහ පොලිස් ක්‍රීඩා ඇඳුමක් සොයා ගෙන ඇති බව ය.
පොලිසිය සඳහන් කළේ, අදාළ ආයුධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීවට’ අයත් බවට සැක කෙරෙන බව ය.
2026 පෙබරවාරි 11, ප.ව. 3:42
2026 පෙබරවාරි 11, ප.ව. 3:37
2026 පෙබරවාරි 11, ප.ව. 12:51
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05