hit counter

2024 නොවැම්‍බර් මස 25 වන සඳුදා

2023 ජූලි 08, ප.ව. 2:12


හිමි නමකට, කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය: පොලිස් ඇමතිගේ නියමයෙන් 8ක් අත්අඩංගුවට

නවගමුව ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේ නමක හා කාන්තාවන් දෙදෙනෙකු “නිරුවත් කර පහර දුන්” පුද්ගලයින් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබෙනවා.

අදාළ භික්ෂූන් වහන්සේ සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

එහි එම භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු “නිරුවත් කර” පිරිසක් පහර දෙන අයුරු අන්තර්ගතව තිබෙනවා.

භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පහර දෙනු දක්නට ලැබෙනවා.

එලෙස “නීතිය අතට ගෙන” පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ දින (07) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරකළා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන බව වාර්තා වෙනවා.

මෙම පහර දීමෙන් තුවාල ලැබූ හික්ෂූන් වහන්සේ සහ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Example Image