2022 ජූලි 12, ප.ව. 3:24
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට මෙරටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම යළි අනිද්දා (14) සලකා බැලීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
මෙම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) සලකා බැලිණි.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14