hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 28, ප.ව. 12:33


කොළඹ – නුවර පාරේ දැඩි රථවාහන තදබදයක්

වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ  දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මිනී පෙට්ටියක් ද රැගෙන අද (28)  පෙරවරුවේ නිට්ටඹුව නගරයට පැමිණ උද්ඝෝෂණයක් අරඹා තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ පිරිස කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ඇති මංතීරුව පුරා උද්ඝෝෂණයේ යෙදී සිටීම හේතුවෙන් මහනුවර දෙසට  ඇති මංතීරුව තුලින් දෙපසට වාහන ධාවනය කරන අයුරුද දැක ගන්නට ලැබූ බවයි.

මේ හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දැක ගන්නට ලැබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.