hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 07, ප.ව. 3:46


අන්තරේ විරෝධතාව හේතුවෙන් පුරහල අවට රථවාහන තදබදයක්

මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මේ වනවිට ලිප්ටන් වටරවුම ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ‍

ඔවුන් අද (07) දහවල් කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වී මෙම විරෝධතාව දියත් කිරීමට සැළසුම් කර තිබුණත් පොලිසිය ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝග ඔවුන් වෙත කියවා දෙනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔවුන් ලිප්ටන් වටරවුම අසළට පැමිණ මෙම විරෝධතාව ආරම්භ කළේ.

ඒ හේතුවෙන් මේ වනවිට කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන ඇති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.