hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 24, ප.ව. 12:04


මරාදන ප්‍රදේශයේ රථ වාහන තදබදයක්

මරදාන, ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වනවිට රථ වාහන තදබදයක් පවතිනවා.

ඊයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සමගාමිව පැවති සංගීත සංදර්ශනයක වේදිකාව ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගය වසා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ සංගීත ප්‍රසංගය අද අලුයම් කාලය දක්වා පවත්වා තිබෙනවා.

ඒ සදහා ඉදිකල වේදිකාව ඉවත් කිරීමේ කටයුතු  මේ වනවිට සිදුවන බවත් තවත් පැයකින් පමණ මාර්ගය විවෘත කළ හැකි බවත් පොලීසිය පැවසුවා.