hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 26, ප.ව. 12:24


කොළඹ අවහිර වෙයි- ගමනාගමනය මුළුමනින්ම අඩාලයි

මේ වනවිට කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒ ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.

විරෝධතාවයට එක්වන පිරිස සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර ඇත.

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් ක්‍රියාකාරීන් වෙත එම් නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

එම නියෝගයේ දැක්වෙන්නේ (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද,  NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවත්ය.

එම නියෝගයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පොලිසියේ රථ වාහන ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයන්ට නොපැමිණියේ වෙනත් විකල්ප මාර්ග භාවිතා කරමින් තදබදය අවම කරගන්නා ලෙසයි.