hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 09, ප.ව. 4:00


දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසදීමට බලධාරීන් කටයුතු නොකරීමට විරෝධය දක්වමින් හෙට (10) මධ්‍යම රාත්‍රීයේ සිට සේවා වාරවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

දුම්රිය රියදුරු දෙවැනි පෙළ උසස්වීම් ප්‍රශ්නය, ශ්‍රේණිවලට අදාල ගැටලු අතිකාල කප්පාදු කිරීම, දුම්රිය ආදායම නිසිලෙස කළමනාකරණය නොකාරීම ආදි ගැටලු රැසකට විරෝධය දක්වමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමයේ ලේකම් ඒ. ටී. ජයසිංහ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දී තිබෙනවා.