hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 24, පෙ.ව. 12:01


දුම්රිය සේවකයින් පිරිසක් වැඩවර්ජනයක – දුම්රිය ධාවනය ගැන දුම්රිය රියදුරු සංගමයෙන් ප්‍රකාශයක්

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා.

ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර අද (24) දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බව වාර්තා වෙනවා.