hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:43


දුම්රිය පිලී පැනීමක්

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිත වූ දුම්රිය අද (11) පස්වරුවේ දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුලත් කිරීමේ දි පිලී පැනිමකට ලක්ව තිබෙනවා.

මේ අතර දුම්රිය රියදුරු සංගමය විසින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දුන්නා

කෙසේ වෙතත් දුම්රිය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්

එමෙන්ම දුම්රිය රියදුරු වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා හා එම වෘත්තීය සමිති අතර සාකච්ඡා මේ වන විට දුම්රිය මූලස්ථානයේ දී පැවැත්වෙනවා.

ඒ අනුව අවසන් තීරණය එම සාකච්ඡාවෙන් පසුව ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.