hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 9:44


පස්යාල – ගිරිඋල්ල පාර පැය තුනකට පසු විවෘත වෙයි

විල්වත්ත දුම්රිය මාර්ගයේ  සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇනහිට පැවති පස්යාල ගිරිඋල්ල මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට පමණ පසු යථාවත් කිරීමට පියවර ගැනුණා.

අනතුරට පත් දුම් රියේ පිටුපස මැදිරි පිටුපසට ගමන් කරවා ප්‍රධාන මාර්ගය ඉඩ ගැනීමට කටයුතු කරනු ලැබුවා.

දුම්රිය මාර්ගයේ අවහිරතා මේ වන තුරුත් ඉවත් කර නොමැතිවිම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ඉහළ පහළ මාර්ග දෙකෙහිම  දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට පවතිනවා.