hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 07, ප.ව. 12:21


තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්න අංකයක්

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවා.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි.

00903124271032

00905344569498

තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.