hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 8:03


හෙට පැවැත්වෙන අමුතු විරෝධය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

හෙට දිනයේ මෙරට පැවැත්වීමට නියමිතව තිබෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විරෝධතාවයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම් දීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති රථවාහන විරෝධතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.