hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 29, ප.ව. 3:41


බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම් දීමක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබාදුන් සහන කාලය අගෝස්තු මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඉන්ධන හිඟයෙන් රටේ පොදු ප්‍රවාහන සේවා සීමා වීම හේතුවෙන් මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ජුනි මස 29 සිට කල් ඉකුත් වන බස්නාහිර පළෘතේ ලියාපදිංචි වාහන බලපත්‍ර සඳහා අද (29) දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණා.