hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, ප.ව. 4:40


ඉන්දීය වීසා මධ්‍යස්ථානය වසා දැමේ

ආරක්ෂක හේතුවක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

එම ආරක්ෂක සිදුවීම ඊයේ (14) රාත්‍රී සිදුවී තිබුණා.

මේ හේතුවෙන් දැනට IVS පෞද්ගලික සමාගම සමඟ ලියාපදිංචි වූ වීසා අයදුම්කරුවන් හට ඒ වෙනුවෙන් නව කාල වේලාවන් ලබා ගන්නා ලෙසත් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සහ හදිසි වීසා අවශ්‍යතාවන් සඳහා ඉන්දීය මහ කොම්සා‍රිස් කාර්‍යාලයේ 011 232 6921 හෝ 011 2422860 යන දුරකතන අංක දෙක හරහා සම්බන්ධ වීමෙන් අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බව යි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.