2022 ජූනි 15, ප.ව. 8:39
ඕස්ට්‍රේලියාව සමග හෙට (16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ, ඔහු ඊයේ (14) පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.
ඔහු අද (15) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25