hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 8:59


වසන්ත කරන්නාගොඩට අමෙරිකාවෙන් තහනමක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට අමෙරිකා එක්සත් ජනපදය විසින් වාරණයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, එම ධූරයේ කටයුතු කරන කාලයේදී සිදු කළ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා මීට හේතුවයි.