hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 03, ප.ව. 6:03


නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය හෙට දක්වා දීර්ඝ කෙරේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (04) දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේල කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 01 යටතේ අදාළ නායයෑම් නිවේදනය වලංගු වනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද විමසිලිමත්භාවයෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මීට අමතරව කඳුකර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් පවතින බැවින් නායයාමේ පූර්ව ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.