hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 06, පෙ.ව. 8:57


මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට නාවික හමුදාව එක්ව බෝට්ටු සහ අවශ්‍ය පියවර යොදවා තිබෙනවා.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය වෙත දැනුම් දෙන සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Example Image