2022 මැයි 01, ප.ව. 3:31
අද (01) පස්වරු 12.30 සිට හෙට (02) පස්වරු 12.30 දක්වා කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි ඔවුන් දක්වා ඇත්තේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
මේ අතර කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතිනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25