hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූලි 02, ප.ව. 6:43


දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මුහුදු රළ ගොඩට එයි (PHOTOS)

දකුණු පලාතේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩ ගසා ඇතැයි වාර්තාවනවා.

අප වාර්තාකරු පැවසූවේ මුහුදු රළ පහර ප්‍රචණ්ඩ වීම හේතුවෙන් ගාල්ල සමුද්‍ර මාවත ප්‍රදේශයේදී අද (02) පස්වරුවේ මුහුදු ජලයෙන් යටවූ බවයි.

මුහුදු රළ පහර සමග පැමිණි වැලි සහ අපද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී ඇති අතර මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලදට බාධා ඇතිවූ බව සඳහන්.

ජල පහරට මාර්ගයේ පැති බැමි ද කඩා ගෙන ගොස් තිබූ අතර ජාකොටු වැල්ලේ බෝට්ටුද මුහුදු රළ පහරට හසුවී පාරට ගසාගෙන විත් තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර දෙහිවල, අම්බලන්ගොඩ, තෙල්වත්ත ප්‍රදේශවලත් මුහුදු රළ ගොඩගසා තිබූ අතර ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද මේ හේතුවෙන් බාධා පැමිණ තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද

Example Image