hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 08, පෙ.ව. 8:36


තවදුරටත් දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (07) පස්වරු 3.00 සිට අද (08) පස්වරු 3.00 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.