hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූනි 29, පෙ.ව. 8:43


ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ඊයේ (28) හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙයයි.

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබෙනවා.