2022 ඔක්‍තෝබර් 26, ප.ව. 7:16
යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
අප වාර්තාකරු කියාසිටියේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර ඇති බවයි.
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හා සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් ධාවනය කළ ජීප් රථ 7 ක්ද සමඟින් ඊට සම්බන්ධ පුද්ගලයින් 9 දෙනෙකු අද පෙරවරුවේ යාල වනජීවී කාර්යාලයට භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.
පුද්ගලයින් 80 දෙනෙකු සමඟ මෝටර් රථ 35 කින් ඉකුත් 20 වැනිදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී පරිසර පද්ධතියට හානි වන අයුරින් හැසිරී තිබුණා.
ඩිෆෙන්ඩර් රථ සහ කැබ් රථ ඇතුළු වාහන 35 ක් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වෙසෙන වන සතුන්ට සහ සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් ශබ්ද නගමින් ධාවනයේ යෙදවීම පිළිබඳව පරිසර හිතකාමීන් ඇතුළු පරිසරයට සංවේදී ජනතාවගේ දැඩි විවේචනයට බදුන් වුණා.
පසුගිය 20 වැනිදා මෙම පිරිස වනෝද්‍යානය තුළට ඇතුළු වී තිබුණේ වනජීවී කාර්යාලයේ මඟ පෙන්වීමේ නිලධාරීන් හත් දෙනෙකුද සමඟයි.
ඔවුනගේද සහය ඇතිව එම පිරිස එදින යාල වනෝද්‍යානය තුළ පවතින ස්වභාවික පරිසර පද්ධතිය පිළිබඳව අංශු මාත්‍රයකද හැගීමකින් තොරව මෙලෙස හැසිරුණා.
මේ සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් මහින්ද අමරවීර අමාත්‍යවරයා වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට දැනුම්දී තිබුණේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56
2025 අප්‍රේල් 10, ප.ව. 3:20
2025 අප්‍රේල් 09, ප.ව. 2:04