hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 30, පෙ.ව. 12:06



ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැයට සහයවීමේ අරමුණින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදෙන ණය පහසුකම සමඟ සම්බන්ධ වූ පුළුල් මූල්‍ය සහන පැකේජයක් ලෙසයි මෙම ණය ආධාරය ආසියානු සංවර්ධන බැංකුව හරහා මෙරටට ලබාදීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව සිටින දිළිදු ජනතාව, අවදානම් කණ්ඩායම් සහ කාන්තාවන් කෙරෙහි ආසියානු සංවර්ධන බැංකුව අවධානයෙන් පසුවන බව එහි සභාපති මසට්සුගු අසකාවා ප්‍රකාශ කළා.

වර්තමාන අභියෝග හමුවේ ආර්ථික ස්ථායිකරණය, තිරසර ප්‍රකෘතිමත් බව සහ සංවර්ධනය ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ආසියානු සංවර්ධන බැංකුව කැපවන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සියලු පළාත්වල ආහාර සුරක්ෂිතතාවය වැඩිදියුණු වෙමින් පවතින බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවලට අනුව මෙරට ජන ගහනයෙන් 17%ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 40%ට ආසන්න අඩුවිමක්.

එමෙන්ම භාණ්ඩ වර්ග 843කට ඒවා ආනයනය කිරීමේ දී භාණ්ඩයේ සම්පූර්ණ වටිනාකමට සමාන මුදලක් තැන්පතු කිරිම අනිවාර්ය කරමින් පනවා තිබු කොන්දේසිය මහබැංකුව ඉවත් කර තිබෙනවා.

ඒ, සමගම ජංගම දුරකථන, විදුලි පංකා, පළතුරු, නිමි ඇදුම්, සන්නිවේදන උපකරණ ආදි භාන්ඩ රැසක මිල පහල යෑමක් සිදුවනු ඇතැයි වාර්තා වන්නේ.

එමෙන්ම, දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉදිරියේ දී කෘෂිකාර්මික, ධීවර හා කාර්මික ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට පනවා ඇති සීමාවන් ද ලිහිල් කිරිමට අපේක්ෂා කරන බවයි.

Example Image