hit counter

2024 දෙසැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, ප.ව. 12:45



විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමෙන් ඒවායේ ඉල්ලුම 20% කින් පමණ අඩු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවා.

විදුලි බිල සියයට 66 කින් ඉහළ දැමීම අනෙක් ක්ෂේත්‍රයන්ට මෙන්ම බේකරි හිමියන්ටද තදින්ම බලපෑම් එල්ල කර ඇති බව ඔහු සඳහන් කළා.

ඒ හේතුවෙන් මෙතෙක් පවත්වාගෙන යමින් තිබූ බේකරි රැසක් වැසී යමින් පවතින බවත් විශාල පිරිසකට රැකියා අවස්ථා අහිමි වීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

මෙම ගැටළුව සඳහා විසඳුමක් ලෙස බදු සහනයක් හෝ ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.