hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 19, පෙ.ව. 4:16



පාන් රාත්තලක මිල රුපියල් 10 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් රුපියල් 10 කින් අඩු කිරීමට තමන් බේකරි හිමියන්ට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට බේකරි හිමියන් විසින් කටයුතු කරනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ තිරිඟු පිටි අඩු කිරීමට පියවර ගතහොත් පමණක් සිය නිෂ්පාදන අඩුකළ හැකි බවයි.

මේ අතර, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ තිරිඟු පිටි නිෂ්පාදනවල මිල ගණන් සඳහා ද පාලන මිලක් අවශ්‍ය බවයි.

තිරිඟු පිටි සම්බන්ධයෙන් පමණක් ක්‍රියාමාර්ග නොගෙන සියලුම බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් ද මිල නියාමනයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

එවැනි මිල නියාමනයක් සිදුකරන්නේ නම් සිය සංගමයේ උපරිම සහාය ලබාදීමට සූදානම් බව ද අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවා. 

“පාන් පිටි සම්බන්ධයෙන් නිෂ්චිත වශයෙන් හරි ඔහෝම ගහපු එක ගැන සතුටු වෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ගැටලු ඇති වෙනවා. පාන්පිටිවලට නිෂ්චිත මිලක් කියන්නේ නෑ නේ. නිෂ්චිත භාණ්ඩයක් ලෙස නම් කරනවා සේම නිෂ්චිත මිල කියන්න. ඒ මිල ගමේ කඩේ කීයද? තොග මිල කීයද? ආනයනකරුවන් කොහොමද ? එහෙම යනවා මිල චේන් එකක්. ඒ මිල ගණන් තුනත් ඒකට ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැතිනම් ගැසට් ගැහුවා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ප්‍රශ්නය එතනමයි. ඇමතිවරයා නිෂ්චිත භාණ්ඩ ගණයට ඇතුළක් කරානම් පාන් පිටි. පාන්පිටිවලින් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ පාන් ගෙඩිය රොස් පාන් ගෙඩිය බනිස් ගෙඩිය, මාළුපාන්, ජෑම් පාන්, වියානා රෝල්ස්  සියල්ල මිල පාලනයට ලක් කරන්න අපි සූදානම් ඒ මිල පාලනය සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න.”