hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 03, ප.ව. 3:27



සිංහල හා දෙමළ අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක් කරමින් බැංකුව සමඟ ගනුදෙනු කිරීමේ සම්ප්‍රදාය හඳුන්වා දුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවර ද අලුත් අවුරුදු ගනුදෙනු සිදු කරන සියලු දෙනාටම තිළිණ පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර මහතා, ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවට බැංකු පහසුකම් සමීප කිරිමේ අරමුණින් පිහිටවූ මහජන බැංකුව, ආරම්භයේ සිටම ඔවුන්ගේ සිතුම් පැතුම් හා වටිනාකම් හඳුනාගත්තා. එලෙස මෙරට විවිධ ජාතීන්, ආගමිකයන් හා සංස්කෘතිීන් සමග බැඳී පවතින මහජන බැංකුව, 1973 වසරේදී සිංහල දෙමළ අලුත් අවුරුද්දට බැංකුව සමඟ ගනුදෙනු කිරීමේ සම්ප්‍රදාය මෙරට බැංකු ක්ෂේත්‍රයට පළමු වරට හඳුන්වා දුන්නා.

එතැන් සිට අඛණ්ඩවම පනස් වසරකට අධික කාලයක් මුළුල්ලේ සෑම වසරකම මහජන බැංකුව මෙම චාරිත්‍රය ඉටුකිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවනවා. අද වන විට අවුරුදු ගනුදෙනු සඳහා පැමිණෙන ජනතාවට ආකර්ෂණීය තෑගි පිරිනැමීම දක්වා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගොස් තිබෙනවා. දේශිය චාරිත්‍ර බැංකුකරණයත් සමඟ මුහුකරමින් ජනතාව තුළ ඉතිරි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමත්, ඒ තුළින් ජාතික සංවර්ධනයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අපේක්ෂාවයි.

මෙවරත් ඔබට අලුත් අවුරුදු ගනුදෙනු සිදුකිරීම සඳහා මහජන බැංකුව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රි ලංකාවාසී ජනතාවට, ගනුදෙනුකාරභවතුන්ට මෙන්ම මහජන බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට, ඔවුන්ගේ දූවා දරුවන් සහ පවුලේ සාමාජිකයින් සමඟ ලබන්නාවූ අලුත් අවුරුද්ද චාරිත්‍රනුකුලව ඉටු කිරිමට ඉඩ සලසමින් 15වන සඳුදා පෙරවරු 8.30 සිට මහජන බැංකුවේ සියලුම ශාඛා අවුරුදු ගනුදෙනු සඳහා විවෘත කෙරෙනවා. මෙහිදි ඔබගේ රු.50,000/- හෝ ඊට වැඩි තැන්පතුවලට අගනා පිත්තල පහනක් තිළිණ කෙරෙනවා.

මීට අමතරව අවුරුදු ගනුදෙනු සිරිත අර්ථවත් කරමින් සෑම ගනුදෙනුවකටම සමරු තිළිණයක් පිරිනැමීමටත්, පැමිණෙන සියලුම ගනුදෙනුකරුවන්ට කැවුම් කිරිබතින් සංග්‍රහ කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. සුපුරුදු පරිදි අලුත් අවුරුදු ගනුදෙනු සඳහා අප්‍රේල් 15 දා රට පුරා පිහිටි මහජන බැංකු ශාඛාවන් වෙත පැමිණෙන ලෙස ද ඔබ සියළු දෙනා වෙත සාදරයෙන් ආරාධනා කර සිටිනවා.