hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 27, ප.ව. 2:47



දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ජනතාවගේ බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන්නේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී ඒ වික්‍රමසිංහ මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු බියක් ඇතිකර යුතු නැති බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුවද ලබාදීමට හැකියාව ඇති බවද එහිදී කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.