2023 ජූනි 24, ප.ව. 4:59
ඉදිරියේදී ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.
එමෙන්ම බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද එම සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
මේ අතර මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදුමුදල් අයකර ගැනීම කඩිනම් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ, වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බවයි.
මේ නිසා මත්පැන් මිල වැඩි වීම හේතුවෙන් පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන අතර මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු උපදෙස් දී ඇත්තේ.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27