hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 18, ප.ව. 9:24



වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS Campus ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ වන විට ශිෂ්‍යයන්ගේ හා දෙමාපියන්ගේ ආදරය, විශ්වාසය දිනාගෙන තිබෙනවා.BMS Campus හි සුවිශේෂීම ලක්ෂණය වන්නේ වෙනස් වන අවශ්‍යනා සපුරාලමින් ඉගෙනුම් භාවිතයන් සඳහා ඇති කැපවීමයි.

BMS Campus ජාතික විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින උසස් අධ්‍යාපන අයතනයක් වන අතර, මේ සහයෝගීතාවය වඩාත් නහවුරු කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මහතා BMS Learner Magazine වෙත එවූ පණිවිඩයේ සඳහන් වූයේ BMS Gampus ආයතනය ජාතික විශ්ව විද්‍යාල හා සම්බන්ධ වී එහි අධ්‍යාපනය ලබන සිසුන්ට විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සඳහා ආදර්ශ සකස් කර ඇති බවයි.

විශේෂයෙන්ම වසරේ නවීන පර්යේෂණ විශ්වවිද්‍යාල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයක් ලෙස නම් කර ඇති එංගලන්තයේ ඇති Nothumbria විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරයි. මෙම හවුල්කාරීත්වය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා TNE පර්යේෂණ වාර්තාවේ 2024 සිද්ධි අධ්‍යයනයක් ලෙස සටහන් කර ඇත.

BMS Campusහි උපාධිධාරී සිසුවෙක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ research assistant කෙනෙකු ලෙසත් තවත් උපාධිධාරියෙක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලය හා සම්බන්ධ වූ බවන් නිහතමානීව ආඩම්බර වෙමින් ප්‍රකාශ කරන්නේ වසර විසි පහක කාලයක් සාර්ථක උපාධිධාරීන් බිහි කළ බව මනාව පසක් කරමිනි.

ඒ වගේම නව උපාධි වැඩසටහන් වල මීළඟ අදියරේ දී BMS Campus හා Teesside-UK විශ්වවිද්‍යාලය සමඟ එක්ව පිළිකා හා අණුක රෝග විනිශ්චය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනමන බව සතුටින් දැනුම් දෙමු.

BMS කැම්පස් අපගේ හවුල්කාර හා වෘත්තීය ආයතන වලින් දේශීය හා ගෝලීය සම්මාන හා ප්‍රශංසා වලින් ගෞරවාදරයට පත් වී ඇති අතර එයට 2022 වසරේ BTEC Bronze සම්මානය ඇතුළත් වේ. එය ලොවපුරා BTEC මධ්‍යස්ථාන සියයකට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් ශ්‍රී ලංකාවේ ආයනයක් ලබා ගත් පළමු සම්මානය වේ. තවද දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටනා සම්මානය 2022 වසරේදී BMS කැම්පස් ලබාගෙන ඇත.