hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2023 මාර්තු 07, ප.ව. 12:05



පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල අලෙවිය සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවා.

පාන් ගෙඩියක් රුපියල් 150ත් 180ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව ද එම මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් ම දරාගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යයමට ප්‍රධාන හේතුව විදුලි බිල ඉහළ යාම බව ද දිවයින පුරා පිහිටි බේකරි 7,000න් 5,000ක් පමණ මේ හේතුව නිසා වැසී ගොස් ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

කුමන තත්ත්වයක් යටතේ වුව ද මහ ජනතාවගේ පැත්තෙන් සිතා පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල උපරිම අයුරින් අඩු කිරීමට සෑම උත්සහයක් ම ගන්නා බව ද ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහළ දැමීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.