hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 20, ප.ව. 4:11



දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණා.

ඒ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබෙනවා.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන යයි.

කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: