2023 ජූනි 14, පෙ.ව. 8:02
ලබන ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර සිටින බව වාර්තා වනවා.
ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 01 වැනිදා බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී තිබෙනවා.
එම කොමිෂන් සභාව කාණ්ඩ 12 කට අදාළව ගණනය කිරීම් සිදුකරමින් සිටින බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල, ටයර් සහ බැටරි මිල ඇතුළු කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගෙන ප්‍රතිශතයක් ඉදිරිපත් කරන බවත් ඊට අමතරව පසුගිය කොවිඩ් සමයේදී ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය සහිතව වැඩි කරන ලද 20%ක බස් ගාස්තුවෙන් මෙතෙක් අඩු කර නැති 10% ද එක්කර ගන්නා බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම ගාස්තුව ඇතුළු සියලුම ගාස්තු අඩුකළ හැකි බවයි වාර්තා වන්නේ.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27