hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 31, පෙ.ව. 7:30



මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991 ක්. එය 2023 ජනවාරි මාසයේ දී කාඩ්පත් 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් තිබුණා.

මේ අතර 2023 මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

2023 මාර්තු අවසාන වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වූ නොපිය වූ ශේෂය රු. මිලියන 140,509 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා. මෙය 2022 වසර අවසානයේ දී රු. මිලියන 143,098 ක් ලෙසින් සටහන්ව තිබුුුණා.