2024 ඔක්තෝබර් 26, ප.ව. 2:42
2024 ඔක්තෝබර් 25, කොළඹ, ශ්‍රී ලංකාව – ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාවට නංවන ලදී. ඒ ව්‍යාජ කැල්කියුලේටර්වලට එරෙහි වැදගත් පියවරක් අරඹමිනි. මීට පෙර ව්‍යාජ ඔරෙලෝසුවලට එරෙහි සාර්ථක වැඩපිළිවෙලක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට Casio කටයුතු කරනු ලැබීය. මෙම නවතම වැඩපිළිවෙල තුළින් සමූහයේ IP බලාත්මක කිරීමේ පියවරක් ලෙස වෙළෙඳපොලෙහි ඇති ව්‍යාජ Casio කැල්කියුලේටර් වලට එරෙහිව සටන් කරමින් වටිනා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
දේශීය නීති ආයතනයක් හා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) සමඟ එක්ව Casio විසින් කොළඹ ප්‍රමුඛ පෙළේ තොග වෙළෙඳ ආයතනයක් හා ලිපි ද්‍රව්‍ය ආනයනකරුවකු වටලනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස Casio කැල්කියුලේටර් ආකෘතියට අනුව සකස් කළ ව්‍යාජ කැල්කියුලේටර් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට බලධාරීන්ට හැකියාව උදා විය.
මෙම අත්අඩංගුවට ගැනීම් තුළින් පිළිබිඹු වන්නේ රට පුරා පැතිරී ඇති ව්‍යාජ නිෂ්පාදන ගැටළුවට එරෙහිව කටයුතු කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා වන Casio හි කැපවීමයි. මෙම ව්‍යාජ නිෂ්පාදන Casio සමාගමේ කීර්ති නාමයට තර්ජනයක් වන අතරම ඒවායෙන් වැරදි සිදුවීමේ වැඩි අවස්ථාවක් ඇති බැවින් සිසුන්ගේ අනාගතයටද ඉමහත් බලපෑමක් ඇති කරනු ලබයි. එපමණක් නොව වෙළෙඳාමට මෙන්ම වාණිජ කටයුතු සඳහාද එය අහිතකර ලෙස බලපානු ඇත. එවන් සිදුවීම් තුළින් Casio විසින් වසර ගණනාවක් තිස්සේ පාරිභෝගිකයින් අතර ගොඩනගා ඇති විශ්වාසය පලුදු වීමට ඉඩ ඇති බැවින් වඩා සුපරික්ෂාකාරී වීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. සිය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම හා සන්නාමයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා වන මෙම වැඩපිළිවෙල තුළින් වෙළෙඳපොල ගුණාත්මකභාවය මෙන්ම නිවැරදිබව සහතික කිරීමටද Casio සමත්ව සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Casio India හි නීති ප්‍රධානී, Gurmeet Singh මහතා සඳහන් කර සිටියේ “ ගෝලීය ප්‍රමුඛයකු ලෙස අපගේ සන්නාමයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට මෙන්ම කැල්කියුලේටර භාවිත කරන සිසුන්ගේ අනාගතය අවදානමට ලත් නොවන බව තහවුරු කිරීමට Casio කැපවී කටයුතු කරනවා. මේ තුළින් මෙරට සිසුන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ නියම Casio කැල්කියුලේටර් මිලදී ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. Casio සන්නාමය ආරක්ෂා කිරීම සඳහා අපගේ අප්‍රතිහත කැපවීම නැවත නැවතත් තහවුරු කරන මෙම මෙහෙයුම තුළින් පාරිභෝගිකයින් මිලදී ගන්නා සෑම Casio නිෂ්පාදනයකම ගුණාත්මකභාවය හා නිවැරදි බව පිළිබඳව තව දුරටත් විශ්වාසය තැබිය හැකි බව තහවුරු කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සමඟ එක් වෙමින් අඛණ්ඩව නියම Casio නිෂ්පාදන ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කරමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙනි.
ව්‍යාජ Casio නිෂ්පාදනයන්ට එරෙහි මෙහෙයුම් ඉහළ නංවමින් නියම Casio නිෂ්පාදන බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගන්නා ලෙස පාරිභෝගිකයින් දිරිගැන්වීමට Casio සමාගම කටයුතු කර ඇත. එමෙන්ම පළාත් පාලන ආයතන සමඟ එක්ව සිය සන්නාමයන්හි කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට මෙන්ම පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමේදී සුරක්ෂිත බවක් අත් කර දීම වෙනුවෙන් Casio සමාගම කැපවී සිටියි.
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්බර් 23, ප.ව. 5:07
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48