hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 12:48



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවණ්‍ය සන්නාමයක් වන චන්දනාලේප පසුගිය දා පැවැති 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී චන්දනාලේප සන්නාමයේ විශිෂ්ඨත්වය අගය කරමින් රූපලාවන්‍ය සත්කාර, රූපලාවන්‍ය අමුද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන දේශීය ව්‍යවසායකයන් රැසක් ඇගයීමට ලක් කෙරෙයි. පසුගිය වසර කිහිපය පුරා කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් ලබා ගනිමින් සිය අඛණ්ඩ සාර්ථකත්වය ප්‍රදර්ශනය කළ චන්දනාලේප මෙවර ලබා ගත් රන් සම්මානය ඔස්සේ සිය සන්නාමයේ ව්‍යාපාරික විශිෂ්ඨත්වය මෙන්ම නවෝත්පාදනය වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ද තහවුරු කර ඇත. 

“මේ සුවිශේෂී වේදිකාව මත නැවත වරක් විශිෂ්ඨත්වයේ සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්. විශිෂ්ඨත්වය වෙනුවෙන් අප විසින් සිදු කරනු ලබන අඛණ්ඩ කැපවීම නිසා අපට මෙම සම්මානය හිමි වූ බව අපි විශ්වාස කරනවා. මෙරට ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ගෙවුණු වසර 30කට ආසන්න කාලය පුරා උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සිදු කිරීම නිසා ඒ ක්ෂේත්‍රයේ වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත් වෙන්න අපට හැකි වෙලා තියෙනවා. දුෂ්කර මාවතක ගමන් කිරීමෙන් පසු මේ ලබා තිබෙන මෙම විශිෂ්ඨත්වය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. අපට විශාල දිරිගැන්වීමක් විදියට මේ සම්මානය ලැබුණු අවස්ථාවේදී අපේ පාරිබෝගිකයන් සහ පාර්ශ්වකරුවන් ස්තූති පූර්වකව සිහිපත් කරනවා.“ යැයි සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කළේය. 

චන්දනාලේප සන්නාමයේ අතීතය 1948 තරම් ඈත අතීතයකට ඇදෙන අතර එහි පුරෝගාමියා වූයේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආර්. පී. ඩී. ජයරත්න මහතාය. පාරම්පරිකව පැවැත එන රහස් බෙහෙත් වට්ටෝරු සහ ගැඹුරු ආයුර්වේද දැනුම සංකලනය කරමින් ආරම්භ කළ මෙම නිෂ්පාදන සිය නිෂ්පාදනයේ උසස් ප්‍රමිතිය පිළිබඳව අඛණ්ඩව සැළකිලිමත් විය. ඒ නිසාම තරඟකාරී වෙළෙඳපොලක විශිෂ්ඨයා වෙමින් අද වන විට මෙරට විශාලතම ආයුර්වේද ආලේපන නිෂ්පාදකයා බවට පත් වීමට චන්දනාලේප සමත් වී ඇත. 

ක්‍රීම් සහ ආලේපන, ෆේස්වොෂ්, ෆේස්වොෂ් පවුඩර්, ෂැම්පු වර්ග, බොඩිලෝෂන් සහ සබන් ආදී වූ නිෂ්පාදන විවිධත්වය ඔස්සේ පැහැදිලි වන්නේ ද නව නිෂ්පාදන සිදු කිරීමට සහ පාරිබෝගික අවශ්‍යතා සපුරාලීමට චන්දනාලේප දක්වන අඛණ්ඩ කැපවීමයි. චන්දනාලේප විසින් ලබා ඇති ISO 9001:2015, ISO 14001:2015 සහ ISO 22716 Cosmetic GMP ආදී ප්‍රමිති සහතික සිය නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතියක් තබා ගැනීමට ඔවුන් තුළ වන කැපවීම පෙන්වන කදිම නිදසුනකි.  

මෙම ගෞරවනීය සම්මානයෙන් ලද උත්තේජනය සමඟ අඛණ්ඩව නව නිෂ්පාදන සිදු කරමින් අති විශාල පාරිබෝගික ප්‍රජාවකගේ අවශ්‍යතා තෘප්ත කිරීමට සමාගම කැප වී සිටියි. ඒ අනුව නව පරාසයන්හි නිෂ්පාදන රැසක් එළිදැක්වීමට සමාගම සැලැසුම් සකස් කර ඇති අතර එමගින් චන්දනාලේප සතු වෙළෙඳපොල ප්‍රමුඛතාවය තව තවත් ස්ථාවර වනු ඇත. 

Example Image