hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 3:49



ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 52 හා 56  දක්වා විශාල වශයෙන් වැඩි වී ඇති බව පාරිභෝගිකයින් පවසයි.

කුකුළු මස් කිලෝවක මිලද රුපියල් 1400 දක්වා වැඩිවි ඇති බැව් පාරිභෝගිකයින් පවසයි.

හිටිහැටියේම බිත්තරයක මිල විශාල වශයෙන් වැඩි වී ඇති අතර ගෑස් ලැබිමත් සමග ආපනශාලා විවෘත කිරිමෙන් පසු බිත්තර සදහා විශාල වශයෙන් ඇතිවු ඉල්ලුම නිසා  බිත්තර මිල වැඩි වී ඇති බව කුකුළු පාලනයේ නිරත ගොවින් පවසයි.

පසුගිය කාලයේ බිත්තර මිල අඩුවීම නිසා කුකුළු පාලනයේ නිරත සුළු පරිමාණ ගොවීන් සතුන් විකුණා දමා කුකුළු පාලනයෙන් ඉවත්වු බවද ඔවුහු පෙන්වා දෙනවා.

කුකුළු පාලනයේ නිරත ගොවියකු වන ගාල්ල කපුහෙම්පල ප්‍රදේශයේ පදිංචි රංජිත් අනුර මහතා මෙසේ සඳහන් කළා.

“කුකුළු කෑම මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. පැටව් කෑම කිලෝවක් රුපියල් 380ක් විතර වෙනවා. පැටව් කෑම දින 21යන තෙක් දෙන්න ඕන. නාම්බෝ කුකුළු කෑම කිලෝවක් රුපියල් 300ක් වෙනවා. මාස තුන හමාරක් විතර යනකම්  නාම්බෝ කෑම දෙන්න ඕන. මේ නිසා කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යාම සදහා විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා.”

ගාල්ල – ලලිත් චාමින්ද