hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 5:00



කුකුළු මස් මිල සහ බිත්තර මිල තවදුරට ත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ, කුකුළු මස් කිලෝවක මිල රු.1,400 ඉක්මවා යා හැකි බවයි.

එමෙන්ම බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළ යා හැකි බව ද ඔහු පැවසුවා.

“තව දුරට ත් කුකුළු මස් මිල 1400න් ඉහළට යා හැකියි. 1500, 1600. අපිට වළක්වන්න බැහැ. මොකද සමාජයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ ම තමයි බිත්තරත්. බිත්තර මේ වෙලාවේ රු. 60 සමහර විට රු. 70 වෙන්නත් පුළුවන්. මොකද අපිට ඉල්ලුම අනුව සැපයුමක් කරන්න බැහැ.”