2022 ඔක්තෝබර් 21, පෙ.ව. 11:38
කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි.
මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බවද ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා,
“ඊයේ තීරණයක් අරගෙන තියෙනවා කුකුළු මස් මිල 1080ක් දක්වා අඩුකරන්න, තාම සාකච්ඡා මට්ටමයේ තියෙනවා මොකද උත්සව සාමය සඳහා විශේෂයෙන්ම පාරිභෝගිකන් කුකුළු මස් වගේ දේවල් වැඩිපුර මිලදී ගන්නවා ඒ වගේම අපට යම් හෝඩුවාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ අපේ කර්මාන්ත කරුවා අපහසුතාවයට පත්කරන්න විදේශවලින් පවා කුකුළු මස් ගෙන්වන්න තීරණයක් අරන් තියෙනවා කියලා සත්ව ආහාර සඳහා අපිට අධික මිලක් වැය වෙනවා. ඉන්ධන මිල ක්‍රමයෙන් පහළ වැටීමත් එක්ක අපිත් තීරණයක් ගත්තා යම්කිසි මට්ටමකින් හෝ පාරිභෝගිකයාට සහනයක් දෙන්න. ඒ වගේම බිත්තර මිලත් යම්කිසි ප්‍රමාණයකින් හරි පහළදමන්න මහා පරිමාණ ගොවිපොළ හිමියන් සමඟ අපි කතාකරමින් ඉන්නවා.”
මේ අතර පසුගිය මාස කිහිපය තුල කුකුල් මස් මිල සැලකිය යුතු ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් විශාල පිරිසක් කුකුල් මස් පරිභෝජනයෙන් ඉවත් විම නිසා තම ව්‍යාපාර කටයුතු අඩාලව පැවති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි කරන වෙලදසැල් හිමියන් කියා සිටියේ.
ඊයේ (20) සිට කුකුල් ගොවිපොලවල් වලින් මිල අඩු කර තොග වශයෙන් කුකුල් මස් ලබා දීම නිසා පාරිභෝගිකයන්ට රුපියල් 1200 – 1250 උපරිම සිල්ලර මිලකට කුකුල් මස් අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි කරන වෙලදසැල් හිමියන් කියා සිටියේ.
හැටන් ප්‍රදේශයේ රතු බිත්තරයක් රු 50, සුදු බිත්තරයක් රු 49 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36