hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 12:47



සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරනවා.

පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව පෙරවරු 9.00 සිට විවෘතවන අතර, එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.

මේ අතර හෙට (29) දින දෙහිවල නගරයේ දී පාරිභෝගික ජනතාව වෙනුවෙන් පොල් අලෙවි කරන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: