hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 ජූනි 23, පෙ.ව. 12:12



උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එකමඟකට’ මැයෙන් රජය මගින් පවත්වන මාධ්‍ය හමුවට ඊයේ (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව සිමෙන්ති, ටයිල්, යකඩ, කුකුළු මස් සහ බේකරි නිෂ්පාදන ඇතුළු දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, පසුගියදා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණ ද ටයිල් ආනයනයට එමගින් අවසර ලබාදී නැතැයි ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.