2023 දෙසැම්‍බර් 19, ප.ව. 12:11
ජාතික මෝස්‌තර මධ්‍යස්ථානය විසින් පවත්වන යුගයට නිමැවුම් 2023 ප්‍රදර්ශනය මේ වන විට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ සෆායා ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වෙනවා.
වර්ෂයක් පුරා නිර්මාණකරුවන් විසින් එළිදක්වනු ලැබූ නව නිර්මාණ වසර අවසානයේ එකතැනකට ගෙනවිත් සිදු කරන ජාතික ප්‍රදර්ශනයක් බව ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහන් දේශප්‍රිය මහතා සඳහන් කළා.
රට පුරා සිටින සියලුම නිර්මාණකරුවන්, මෝස්‌තර මධ්‍යස්ථානයේ සිටින ශිල්පීන් එකට එකතු කොට ජාතික මට්ටමේ අලුත් නිර්මාණ ගෙනවිත් සමාජගත කිරීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කර සිටියා.
දේශීය විදේශීය ගැනුම්කරුවන්, නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බවත් අද රාත්‍රී 9.00 වන තෙක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:24
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:19
2025 අගෝස්තු 28, ප.ව. 4:55
2025 අගෝස්තු 28, ප.ව. 4:39