hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 29, ප.ව. 2:39



DFCC බැංකුව පසුගියදා ලෝක පාපැදි දිනය සැමරීමට කටයුතු කළේ ය.

සෑම වසරකම ජූනි 03 වන දිනට යෙදෙන ලෝක පාපැදි දිනය, සරල, ලාභදායී, පරිසර හිතකාමී සහ සෞඛ්‍යයට හිතකර ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදියේ වැදගත්කම අවධාරණය කරයි.

මෙම දිනය සැමරීම සඳහා DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පාපැදි වලින් රාජකාරියට පැමිණීමේ දිනයක් ප්‍රකාශයට පත්කළ අතර, පාපැදි කරුවන් 30 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව කිලෝමීටර් 15 ක පාපැදි සවාරියක්ද සංවිධානය කළේ ය.

එමෙන්ම පාපැදි භාවිතයේ ආචාරධර්ම, ආරක්ෂක විධිවිධාන, පාපැදියෙන් රැකියාවට පැමිණීම මගින් ලැබෙන වාසි සහ තමන්ට වඩාත්ම හොඳින් ගැළපෙන පාපැදියක් තෝරාගන්නා ආකාරය යනාදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

එමෙන්ම DFCC බැංකුව 2020 වසරේදී මාසික පාපැදි දිනයක් ප්‍රකාශයට පත්කරමින්, එය නොකඩවා පවත්වාගෙන යන ප්‍රථම බැංකුවයි. හෝර්ටන් පෙදෙසේ නව ‘DFCC Pinnacle’ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව මෙය සංවිධානය කරන ලද අතර, එම අවස්ථාවට බැංකුවේ ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

මාසික පාපැදි දිනයන් සංවිධානය කරනු ලබන්නේ DFCC බැංකුවේ සුවතා කමිටුව සහ මානව සම්පත් අංශය විසිනි.