2022 අගෝස්තු 13, ප.ව. 3:21
උතුරේ ධීවරයින්ගේ ධීවර යාත්‍රා වලට අවශ්‍ය භූමිතෙල් ඇතුලු ඉන්ධන විධිමත්ව නොලැබීමෙන් මාස දෙකකට අධික කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවන්ට පත්ව සිටින බවට උතුරේ ධීවර සංගම් පෙන්වා දෙයි.
උතුරේ ධීවර කටයුතු වැඩි වශයෙන් සිදුකෙරෙන යපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ජීවත් වන ධීවරයින්ට ඉන්ධන හිගයත් සමග මාස දෙකකට අධික කාලයක් ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ පා සිටිනවා.
එමෙන්ම ධීවරයින් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් උතුරේ මාළු මිල ගණණ් අධික ලෙසින් ඉහල ගොස් ඇති අතර එහිදී කුට්ටි මාළු (තලපත්, තෝරා , මෝරා, කෙලවල්ලා, බලයා) ආදි මත්ස්‍ය කිලෝව රුපියල් 2500කට ආසන්න මිලකට අලෙවි වීම හේතුවෙන් පාරිභෝගිකයින්ද දැඩි අසීරුතාවන්ට පත්ව සිටිනවා.
මේ අතර ඇතැම් කූට ජාවාරම්හි නරත වන පුද්ගලයින් විසින් ඉන්ධන අධික මිල ගණණ්වලට ධීවරයින්ට විකිණීම හේතුවෙන්ද මාලු මිල ගණන් ඉහල යාමට දැඩි ලෙස බලපා ඇතැයිද උතුරේ ධීවරයින් පෙන්වා දෙනවා.
මේ අතර උතුරේ ධීවරයින් බොහෝ පිරිසකට මුහුදු යාමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් උතුරේ ධීවර කර්මානත්ය නගා සිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙසටද උතුරේ ධීවර සංගම් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36