hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 21, ප.ව. 4:55



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.55ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.295.00ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.18ක් සහ විකුණුම් මිල රු.295.73ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් වන අතර විකුණුම් මිල රු.294.25ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.90ක් බවත් විකුණුම් මිල රු.294.40ක් බවටත් දැක්වෙනවා.
  • කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.98ක් සහ විකුණුම් මිල රු.294.75ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.70ක් ලෙසත් විකුණුම් මිල රු.293.70ක් ලෙසටත් වාර්තා වනවා.




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: