hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 10:22



ලෝක ළමා දිනයට සමගාමීව  ලාංකික දරුවන්ට දක්වන ගෞරවයක් ලෙස නවෝත්පාදනයන් තුලින් මනුෂ්‍යත්වය සවිබල ගැන්වීමේ පුරෝගාමියෙකු වන Orel Corporation, මෙරට ග්‍රාමීය දුවා දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සහ මානව සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරණු ලබන Orel Smart TV ව්‍යාපෘතිය හරහා, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට පසුගියදා Orel Smart TV පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙරට සෑම දරුවෙක්ටම සම අධ්‍යාපනයක් සේම සම වරප්‍රසාදයන් ලබා දිය යුතුයි යන උදාරතර සංකලපයට නව අරුතක් එක්කරමින් මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්තව සිදුකිරීමට Orel Corporation සමාගම සැදී පැහැදී සිටී.   

ශාන්ත සෙබස්තියන් විදුහලට Orel Corporation හරහා ලබා දුන් මෙම පරිත්‍යාගයේ මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1.2 කි. මෙම ප්‍රධානය හරහා 500 කට ආසන්න සිසුන් පිරිසක් ප්‍රතිලාබ ලබන අතර ග්‍රාමීය අධ්‍යාපනය නඟා සිටවීමට Orel Corporation අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. 

Orel Corporation ආයතනයේ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර අංශ ප්‍රධානී අනුරාධ පෙරේරා මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් පැවසුවේ, “නිරන්තරව දියුණු වන ලෝකයට අවැසි මානව සම්පත සවි බල ගැන්වීමටත් මෙරට ව්සිරී සිටින සෑම දරුවෙකුට සමාන අවස්ථා නිර්මාණය කර දීමේ මුඛ්‍ය අරමුණ පෙර දැරිව මෙම නව ව්‍යාපෘතිය Orel Corporation විසින් හඳුන්වාදී ඇත. සෑම දරුවෙකු උදෙසාම නූතන ලෝකය හා එක්ව ගමන් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමත් ඩිජිටල් ලෝකය වැළඳ ගැනීමට අවැසි මූලික අඩිතාලම භූගෝලීය පිහිටීම නොසලකා නවීන අධ්‍යාපනික මෙවලම් හා සම්පත් සඳහා ප්‍රවේශය ග්‍රාමීය පාසැල් වලටත් ලබා දිය යුතුයි, ඒ හරහා දැනුමෙන් හා අධ්‍යාපනයෙන් සන්නද්ධ අනාගත පරපුරක් තැනීමට අවශ්‍ය අඩිතාලම මේ හරහා අප විසින් සපයා තිඛෙනවා. ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය සවිබල ගන්වමින් අනාගත ලෝකය ජයගත හැකි තාරුණ්‍යයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යය පසුබිම මේ හරහා ගොඩ නැගෙනු ඇති.,” වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ  මහතා කියා සිටියේ  “මෙම වැඩසටහන නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ අඩු පහසුකම් සහිත ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කිරීමෙන් Orel Corporation විසින් ප්‍රජාව සවිබල ගන්වමින් රට තුළ පවතින ඩිජිටල් රික්තකය අවම කිරීමට ගන්නා කැපවීමේ තවත් එක් පියවරක් බවයි.” 

විචිත්‍රවත් අද්විතීය නැරඹුම් අත්දැකීමක් ලබා දෙන Orel Smart රූපවාහිණි යන්ත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වීම විශේෂයෙන් සඳහන් කලයුතුය. ඒ අතර බ්ලු ටූත්, HDMI, USB, WiFi, සහ Ethernet වැනි තාක්ෂණික යෙදවුම් රැසක් මෙහි අන්තරගතව ඇත. පරිශීලකයන්ට අමතර උපාංග සම්බන්ධ කිරීමටත් මෙම Orel Smart   රූපවහිණියට හැකියාව පවතී. අන්තර්ජාලයට ඍජුව සම්බන්ධවීමට හැකියාව ඇති නිසාම, ඒ හරහා ඉගැනුම් ක්‍රියාවලියට You Tube අධ්‍යාපනික නාලිකාවන් හරහා සම්බන්ධ වීමටද හැකියාව පවතී. Google Play Store හරහා විවිධ අධ්‍යාපනික යෙදවුම් බාගත කිරීම් හරහා ඔවුන්ගේ අධ්‍යාපන පරීමාව වැඩි දියුණු කරගැනීමටද හැකියාව මෙම ස්මාර්ට් ටීවී යන්ත්‍රය හරහා ලබා ගත හැකි අනෙක් සුවිශේෂී කාරණයයි. එමෙන්ම USB වෙබ් කැමරා හා මයික්‍රෆෝන් හරහා Zoom තාක්ෂණයෙන් කණ්ඩායම් පන්ති සඳහා ද සමබන්ධවීමට හැකි වීමත් ග්‍රාමීය සිසු දරුවන්ගේ ඉගැනුම් පරිමාව වැඩි දියුණු කිරීමට මහඟු පිටිවහලක් සපයනු ඇත.    

ගුරුවරයා පන්තියේ නොමැති අවස්ථාවකදී ඇන්රොයිඩ් යෙදවුම් හරහා දරුවන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට හැකියාව ලැබේ. අඟල් 32 ක ප්‍රමාණයේ පුළුල් තිරය නිසා අස්වාදනීය නැරඹුම් අත්දැකීමක් මේ හරහා ලබා ගත හැක.  

අඩු පහසුකම් සහිත දරුවන්ගේ ගෝලීය සිහිනය මල්ඵල ගැන්වීමට Orel Corporation කරන්නාවූ මෙම කර්තව්‍යය එම දරුවන්ට සදාතනික සිහිවටනයක් වනු නොඅනුමානය.