hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 12:07



උත්සව සමයේදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වෙනවා.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ ලබන අද සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකටයි.

මේ අතර රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: