hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 10:04



බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි මස 21 සිට බලපැවැත්වෙන පරිදි රුපියලක් දක්වා අඩු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කිරීමේදී මෙම සහනය ලැබෙන අතර අදාළ බඳු සංශෝධනය මාස 03 ක කාලයක් සඳහා වලංගු වනු ඇති.

මේ අතර දේශීය වෙළෙඳපොළ තුළ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම සැලකිල්ලට ගෙන ලබන සතියේදී බිත්තර ලක්‍ෂ 20ක් ඉන්දියාවෙන් ගෙන්වීමට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ හා සත්ව නිෂ්පාදන ආයතනයේ අනුමැතිය ලැබී ඇති බව ත් ඒ අනුව බිත්තර ආනයනය කරන බව ත් එම නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවා.

ආනයනය කරන බිත්තර රුපියල් 40ක මිලකට අලෙවි කරන බව ත් බේකරිවලට හැර වෙළෙඳපොළට එම බිත්තර නිකුත් නොකරන බව ත් සාමාන්‍යාධිකාරිවරිය ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය සමනයට පත්වන තෙක් අඛණ්ඩව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.

මෙරටට ගෙන්වීමට නියමිත බිත්තර ඊයේ (23) දිනයේදී නැව්ගත කර ඇති බව ද දැන ගැනීමට තිබෙනවා.